PANDA ට උපකාර කළ හැකිය. ඔබ ගැන හෝ ඔබ දන්නා කෙනෙක් ගැන අමතන්න.
අලුත් දෙමාපියන්ද නැත්නම් දරුවකු බලාපොරොත්තුවෙන් සිටින්නේද? ඔබට දැනෙන ආකාරය ගැන

මානසික යහපැවැත්ම පිරික්සුම් ලැයිස්තුව
මානසික යහපැවැත්ම පිරික්සුම් ලැයිස්තුව
මෙම පිරික්සුම් ලැයිස්තුව මගින් ඔබට හැඟෙන ආකාරය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඔබේ මානසික යහපැවැත්ම සඳහා අමතර සහායෙන් ඔබට ප්‍රයෝජන ගත හැකිද යන්න ගැන ඔබට උපකාරී වන ප්‍රශ්න අසයි.
PANDA ගැන
පරි සූතික (ගර්භනී අවධියේ සිට ප්‍රසූතියෙන් වසරක් යනතෙක් කාලය) කාංසාව (anxiety), විෂාදය (depression) හා පසු ප්‍රසව සයිකෝසියාව හා දෙමාපියන් වීම නිසා අභියෝගාත්මක අත්දැකීම්වලට බලපෑමට ලක් වී සිටින අයට ඔස්ට්‍රේලියාවේ ඇති එකම විශේෂිත සේවාව PANDA විසින් පවත්වාගෙන යනු ලැබේ.
එසේම තමාට සිදු වී ඇත්තේ කුමක් දැයි අවබෝධ කර ගෙන උදව් ලබා ගැනීමට හැකි වන සේ, අපි මේ දරුණු සහ සුලබ රෝගී තත්ත්වය ගැන දැනුම වැඩි දියුණු කිරීම සිදු කරන්නෙමු.
“ඒක හැදිලා ඉන්නකොට, මට හිතුනෙ කවදාවත් හොඳ වෙන එකක් නැති වෙයි කියලා ඒත් මට හොඳ වුණා.”
භාෂණ පරිවර්තකයන් ලබා ගත හැකිය
ඉංග්‍රීසි භාෂාව කතා නොකරන අයට හෝ ශ්‍රවණ හෝ කථන දුබලතාවක් ඇති අයට උපකාර කිරීමට PANDA ට භාෂණ පරිවර්තකයන් ලබා ගත හැකිය.
“බබා හම්බවෙන්නත් කලින් එහෙම වෙයි කියලා කවුරුවත් මට කියලා තිබුණෙ නෑ!”
උපකාර ලබා ගත හැක්කේ කොයි අවස්ථාවේ දීද?
ගර්භනීව සිටීම හෝ අලුතෙන් දෙමාපිය පදවිය ලැබීම යන දෙකම උද්‍යෝගීමත් මෙන්ම අභියෝගාත්මක විය හැකිය. වෙනස්කම්වලට හැඩ ගැසීමට අසීරු වීම ස්වභාවිකය. එහෙත් සාමාන්‍ය වෙනස්කම් වඩාත් බැරෑරුම් සේ වර්ධනය වූ විට හා එය සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් පවතින විට, උදව් ලබා ගැනීමට කාලයයි.
පරි සූතික (perinatal) කාංසාව (anxiety) හා විෂාදය (depression) සුලබය.
ගර්භණී හෝ අලුත් මව්වරුන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් හෝ නව පියවරුන් දහ දෙනෙකු අතරින් එක් අයෙක්
පරි සූතික කාංසාව හා විෂාදය අත්විඳිති. එය ගර්භනී සමයේ දී (පුරෝ සූතික) හෝ උපතින් පසු (පශ්චාත් සූතික) පළමු වර්ෂයේ දී ඇති විය හැකිය. ‘පරිසූතික’ යන යෙදුම මගින් ගර්භනී සමය
හා උපතින් පසු පළමු අවුරුද්ද හැඳින්වේ.
“මම මගේ සහකාරිය ගැන සිත් තැවුලෙන් ඉන්නෙ. ඒත් එයා මා එක්ක කතා කරන්නෙ නෑ.”
පශ්චාත් සූතික සයිකෝසියාව (උමතුබව) (postnatal psychosis)
පශ්චාත් සූතික සයිකෝසියාව යනු කලාතුරකින් සෑදෙන සෑම මව්වරුන් 1000 කින් ම එක් අයෙකුට හෝ දෙන්නෙකුට බලපාන මව මෙන්ම ළදරුවා ද අවදානමට ලක් කරන බැරෑරුම් රෝගී තත්ත්වයකි. සෑම අවස්ථාවල දීම පාහේ මේ නිසා රෝහල් ගත වීමට සිදු වේ. මෙහි රෝග ලක්ෂණ බොහෝ විට එක් වරම පැමිණෙන අතර, ඒවාට මනෝ භාවයන් හි දැඩි වෙනස්කම්, චර්යාවේ සැලකිය යුතු වෙනස්කම් හා යථාර්ථය සමග ඇති සම්බන්ධතාව නැති වී යාම ඇතුළත් වේ.
“මම තමයි ලෝකෙ ඉන්න නරකම අම්මා.”
PANDA ට උපකාර කළ හැක්කේ කෙසේද
ඉහළ මට්ටමේ පුහුණුවක් ලත් අපගේ කාරුණික දුරකථන උපදේශකයන් ඔබේ ගැටලුවලට සවන් දී සුවය ලැබීම හා සම්බන්ධ පළමුවැනි පියවර ගැනීමට ඔබට උපකාරී වේ.
PANDA හි ජාතික පරි සූතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව මගින් සියලු නව මව්වරුන්ට හා මව්වරුන් වීමට අපේක්ෂාවෙන් සිටින අයට නොමිලේ උපදේශනය හා උපකාර ලබා දේ.
ඉහළ මට්ටමේ පුහුණුවක් ලත් අපගේ කාරුණික දුරකථන උපදේශකයන් ඔබේ ගැටලුවලට සවන් දී සුවය ලැබීම හා සම්බන්ධ පළමුවැනි පියවර ගැනීමට ඔබට උපකාරී වේ.
“මට දැනෙන විදිය ගැන අනෙක් අය එක්ක කිව්වොත් ඒගොල්ලො හිතයි මම නරක දෙමාපියෙක් කියලා.”
ඒ ගැන කතා කිරීම වඩාත් සුදුසුය
පරි සූතික කාංසාව හා විෂාදය බැරෑරුම් සෞඛ්‍ය තත්ත්වයකි. එය අලුත් හෝ දරුවකු අපේක්ෂාවෙන් සිටින දෙමාපියන්ට බල පෑ හැකිය. එය ලැජ්ජා වීමට කරුණක් නොවේ. ඒ ගැන කතා කළාට කමක් නැත. ඇත්ත වශයෙන්ම, ඔබ එය කිරීම වඩා හොඳය!
ඔබේ දුෂ්කරතාවන් ගැන අනෙක් අයට පැවසීම හෝ ඔබට උදව් අවශ්‍ය බව පිළිගැනීම දුර්වලතාවේ ලක්ෂණයක් නොවේ. තමාටත් පවුලටත් හොඳම දේ ලබා දීමට ඔබට අවශ්‍ය බව එමගින් පෙන්වයි.
“මම හිතුවා මගේ බබා දැක්ක ගමන් මට ආදරයක් ඇති වෙයි කියලා, ඒත් මට එයා දිහා බලන්නවත් බෑ.”
පරි සූතික (ගර්භනී අවධියේ සිට ප්‍රසූතියෙන් වසරක් යන තෙක් කාලය) කාංසාවේ (anxiety) සහ
විෂාදයේ (depression) ලක්ෂණ
පහත දැක්වෙන ලක්ෂණ ඇතුළත් විය හැකිය:
- කණගාටුවක් දැනීම, කනස්සල්ල හෝ පැහැදිලි හේතුවක් නැතිව ඇඬීම
- දිගින් දිගටම පවතින, සාමාන්‍යකරණය වූ කනස්සල්ල, බොහෝ විට ඔබේ දරුවාගේ සෞඛ්‍යය හෝ යහපැවැත්ම පිළිබඳ බිය අවධාරණය කිරීම
- ඉක්මනින් කලබලකාරී වීම, යමක් සිදුවේ යැයි බියෙන් පසු වීම, හා තැති ගැන්මෙන් සිටීම
- ඉක්මනින් නොරිස්සුම් සහගත වීම හා කේන්ති යාම
- පවුලෙන් හා හිතමිතුරන්ගෙන් ඈත් වීම
- ළදරුවා නිදන විට පවා නිදා ගැනීමට අපහසු වීම
- නිතර නිතර භාව ස්වභාවය වෙනස්වීම
- නිතරම මහන්සියක් හා ජීවයක් නොමැති බව දැනීම
- ඔක්කාරය, වමනය, ඇඟ සීතල කරවීම හා ආහාර රුචිය අඩු වීම ආදී ශාරීරික රෝග ලක්ෂණ
- සාමාන්‍යයෙන් සතුට ගෙනෙන දේවල්වලට උනන්දුව අඩු වීම හෝ උනන්දුවක් නැති වීම
- තනිව සිටීමට හෝ අනෙක් අය සමග සිටීමට ඇති බය
- යමක් අවධාරණය කිරීමට, අවධානය යොමු කිරීමට හෝ මතක තබා ගැනීමට දුෂ්කර වීම
- වැඩියෙන් සිදුවන මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය
- හදිසි භීතික තත්ත්වයන් (panic attacks) (හෘද ස්පන්දනය වැඩි වීම, තිගැස්ම, හුස්ම ගැනීමට අපහසුව, වෙව්ලීම හෝ අවට පරිසරයෙන් ශාරීරික වශයෙන් සම්බන්ධ වී නොමැති සේ දැනීම)
- ග්‍රස්තික (obsessive) හෝ මැඩපවත්වා ගත නොහැකි (compulsive) හැසිරීම් වර්ධනය වීම (developing obsessive or compulsive behaviours)
- මරණය, සිය දිවි නසා ගැනීමට හෝ දරුවාට හානියක් කිරීම ගැන සිතුවිලි ඇතිවීම.
මෙහි දක්වා නොමැති ලක්ෂණ බොහොමයක් තිබේ. ඔබ හෝ දන්නා කෙනෙකු, සිත් තැවුල් ඇති කරමින් සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් මෙම රෝග ලක්ෂණ හෝ හැඟීම් අත්දකින්නේ නම් උපකාර ලබා ගන්න.
“සියලු අලුත් දෙමාපියන්ට මෙසේ අභියෝගාත්මක ලෙස දැනේද?”
අපගේ නොමිලේ සැපයෙන පරි සූතික (Perinatal) මානසික සෞඛ්‍ය උපකාර සේවාවට කතා කරන්න
දුරකථන1300 726 306
සඳුදා - සිකුරාදා පෙ.ව 9 - ප.ව 7.30 AEST/AEDT
PANDA හි ජාතික උපකාර අංකය භාෂා ගණනාවකින් පවතියි, ඔබේ භාෂාව ද ඇතුළුව.
ඔබ PANDA උපකාර අංකයට කතා කරන විට “1” වරණය තේරීම මගින් ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය බව අපට දැන්විය හැකිය.
ඔබේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් විට සිදු වන්නේ කුමක්ද:
ඔබේ දුරකථන ඇමතුමට ඉංග්‍රීසියෙන් කතා කරන උපදේශකයෙකු පිළිතුරු දෙනු ඇත. ඔබ වඩාත් කැමති භාෂාව දැන ගැනීමට අපට අවශ්‍යය - ඔබට ඉංග්‍රීසියෙන් කතා කිරීමට සිදු නොවන අතර ඔබ උපදේශකයාට පැවසිය යුතු වන්නේ ඔබ කැමති භාෂාව පමණි.
PANDA විසින් භාෂණ පරිවර්තකයෙකු සංවිධානය කරන අතර, භාෂණ පරිවර්තකයෙකු සොයා ගත් විට ඔබට උපකාර කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ.
භාෂණ පරිවර්තකයෙකු නොමැති නම් අපි ඔබට ආපසු දුරකථන ඇමතුමක් ලබා දෙන්නෙමු.
ඔබට කඩිනම් උපකාර අවශ්‍ය වේ නම් බිංදු තුන (000) හෝ ප්‍රදේශයේ රෝහලේ හදිසි අනතුරු අංශය අමතන්න.
PANDA හි උපකාර අංකයට අමතරව වෙනත් වේලාවන් හි උදව් අවශ්‍ය වේ නම් 13 11 14 ඔස්සේ Lifeline අමතන්න.