Sinhalese | සිංහල: මුලික පුහුණු ව්‍යායාමය - පීඩාකාරී ස්වභාවය මුදා හැරීම සඳහා ශරීර සුපිරික්සුම සහ නිස්කලංකව සිටීම

මෙම මුලික පුහුණු ව්‍යායාමය සැලසුම් කර ඇත්තේ ඔබේ හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වීම සඳහාය.
ඔබ ඔබේ හුස්ම ගැනීමේ වේගය අඩු කරන විට, වේගයෙන් චලනය වන ඔබේ මනස මන්දගාමී කළ හැකිය එය ආතතිය අඩුකර ගැනීමට උපකාරී වේ.
ඔබට අවශ්‍ය වූ විටෙක මෙම අභ්‍යාසය වෙත ආපසු යොමු වන්න.
සවන් දෙනවාට වඩා ඔබ මෙම ව්‍යායාමය ගැන කියවීමට කැමති නම්, එහි පිටපතක් ඔබට පහලින් සොයාගත හැකිය.
Jump to
මුලික පුහුණු ව්‍යායාමය
පෝල් ගිල්බට්ගේ සරල ශරීර සුපිරික්සුම සහ නිස්කලංකව සිටීම අනුවර්තනය කරමින් සකස් කරන ලද ආතතිය සමනය කිරීම සඳහා ශරීරය පදනම් කරගත් කෙටි ව්‍යායාමයක් වෙත මම ඔබව රැගෙන යන්නෙමි. ඔබට ඔබ ගැනම පරීක්ෂා කිරීමට මිනිත්තු කිහිපයක් ගන්න. ඔබව මෙතැනට ගෙන ඒමට තුඩු දුන්නේ කුමක් වුවත්, ඔබේ මනස කරදරයට පත්කරන යමක් තිබේ නම්, එය පසෙකට දමන්න. මොහොතකට පමණයි. ඔබට ඔබේම පුහුණුව සහ ඔබේ ශරීරය නිස්කලංකව තබා ගැනීම සඳහා මෙම කාලය ගත කිරීමට අවසරය ඇත. ඔබට මෙම ව්‍යායාමය වාඩි වී හෝ වැතිරී සිටිමින් කළ හැකිය.
අපි පටන් ගනිමු. ඔබ ඔබේ නාසයෙන් ආශ්වාස කර මුඛයෙන් හුස්ම පිටකරන විට ඔබේ හුස්ම ගැන සැලකිලිමත් වීම ආරම්භ කරන්න. ඔබේ හුස්ම ගැනීමේ ස්වාභාවික සහනදායි රිද්මය කෙරෙහි සීරුවෙන් අවධානය යොමු කරන්න.
දැන් ඔබේ පාද වෙතට ඔබේ අවධානය යොමු කරන්න. ඒවාට දැනෙන්නේ කෙසේද? ඔබේ පාදවල ඇති සියලුම පීඩාකාරී ස්වභාවය සියුම් ලෙස ඔබේ ශරීරයෙන් බිමට ගලා ගොස් ඉවත්ව යන බව සිතින් මවා ගන්න . ඔබ හුස්ම ගන්නා විට, ඔබේ පාදයේ මාංශ පේශි ටිකක් තදකර තබා ගැනීමට උත්සාහ කරන්න. ආශ්වාස කර, ඔබ හුස්ම පිටකරන විට, ඔබේ පාදයේ මාංශ පේශි ලිහිල් කර නිදහස් කරන්න. ඔබ ආශ්වාස කරන විට, පීඩාකාරී ස්වභාවය සැලකිල්ලට ගන්න. ඔබ ප්‍රාශ්වාස කරන විට, එය මුදා හැර ඔබේ පාද ලිහිල් වන බව දැනෙන්නට සලස්වන්න.
ඔබේ ශරීරය ඔබේ උරහිස් දක්වා ඉහළට ගෙන යමු. ඔබ ඒවා හැකිළීම සිදු කරන්නේ ද? ඔබේ උරහිස් දැඩිව රඳවාගෙන, ඔබ ආශ්වාස කරන විට ඒවා ඉහළට ඔසවන්න. ඔබ ප්‍රශ්වාස කරන විට, සෑම හුස්මක් සමඟම ආතතිය ඔබේ ශරීරයෙන් ඉවත් වී ඔබේ උරහිස් මාංශ පේශි ලිහිල් වන බව දැනෙන්නට සලස්වන්න. ඔබ හුස්ම පිටකරන විට, ඒ සියල්ල මුදා හරින්න.
දැන් ඔබේ ඇඟිලි තුඩු වෙත යොමුවන්න. එහි ගැබ්වී ඇති පීඩාකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර එය ඔබේ දෑත් හරහා ඔබේ ශරීරයෙන් ඉවතට පාවී යාමට ඉඩ දෙන්න. ඔබේ මැණික් කටු, ඔබේ අත්, වැලමිටි, උරහිස් හරහා. අවසාන වශයෙන්, ඔබේ ශරීරය තුළින් බිමට හුස්ම පිට කර ඒ සියල්ල මුදා හරින්න.
දැන් ඔබේ හිසේ, බෙල්ලේ සහ නළලෙහි ඇති යම් පීඩාකාරී ස්වභාවයක් කෙරෙහි අවධානය යොමු කරන්න. සෑම හුස්මක් සමඟම ඒවාට නිස්කලංකව සිටීමට ඉඩ දෙන්න. පීඩාකාරී ස්වභාවය ඔබේ පපුවේ, ඔබේ බඩේ, ඔබේ කොන්දේ සිට ඔබේ පාද හරහා බිම වෙතට පහළට ගලා යන ආකාරය දෘෂ්ඨි කල්පනය කරන්න.
අවසාන වශයෙන්, ඔබේ මුළු ශරීරය වෙත අවධානය යොමු කරන්න. ඔබ හුස්ම ගන්නා සෑම විටකම, 'නිස්කලංක' යන වචනය ගැන සිතන්න. නැතහොත් එය ඔබට නොගැලපේ නම්, 'සන්සුන්' හෝ 'සහනදායි' යන වචනය උත්සාහ කරන්න. ඔබ ගන්නා සෑම හුස්මක් සමඟම ඔබේ ශරීරය මුදා හැරෙන බව දැනෙන්නට සලස්වන්න. හුස්ම කිහිපයක් අතරතුර ඔබේ මුළු ශරීරය සහ ඔබව සන්සුන් කරන වචනය කෙරෙහි අවධානය යොමු කරමු.
අවසාන වටය. අපි මෙම ව්‍යායාමය උදරය ආශ්‍රිත දැඩි, ගැඹුරු හුස්ම කිහිපයකින් සහ දිගැදුම් වලින් අවසන් කරමු. ඔබේ ඇඟිලි සොලවන්න. ඔබේ ඇඟිලි, ඔබේ මැණික් කටු, අත් සහ උරහිස් සෙමෙන් දිගු කරන්න. අප ආරම්භ කළ මොහොත හා සසඳන විට, ඔබේ ශරීරයට දැන් හැඟෙන ආකාරය නිරීක්ෂණය කරන්න. ඔබේ ශරීරය වෙත ඔබ දැනට ලබා දී ඇති අවධානය, කාරුණිකත්වය සහ සැලකිල්ල සඳහා ඔබේ ශරීරය කෘතඥ වෙනවා සේම, ඔබේ ශරීරය වෙනුවෙන් කෘතඥ වීමට ඔබ ඉඩ සලසා ගන්න. නැගී සිට එහා මෙහා චලනය වීමට ඔබ සූදානම් යැයි ඔබට හැඟෙන විට, ඔබට ජලය පානය කිරීමට හෝ අතුරුපසක් ගැනීමට අවශ්‍ය විය හැකිය. ඔබට ඔබේ හුස්මගැනීම වෙත ආපසු පැමිණීමට සහ දවසේ ඕනෑම වෙලාවක ඔබේ ශරීරය සුපිරික්සුමට ලක් කිරීමට, හෝ මෙම ව්‍යායාමය නැවත කිරීමට හැකි බව මතක තබා ගන්න. එය ඔබට අවශ්‍ය කරන වාර ගණනක් කරන්න. ඔබට නිවසේදී කළ හැකි මුලික පුහුණු සහ නිස්කලංකව සිටීමේ ව්‍යායාමය පිළිබඳව වැඩිදුර දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබට සරල, ඵලදායී ස්වයං සත්කාර විකල්ප පිළිබඳ කතාබස් කිරීමට 1300 726 306 ඔස්සේ Panda ආයතනයේ උපකාරක දුරකතන සේවාව අමතන්න.
උපකාරක අංකය
අපගේ නොමිලේ සැපයෙන පරිසූතික මානසික සෞඛ්‍ය උපකාර සේවාවට කතා කරන්න
දුරකථන 1300 726 306
සඳුදා - සිකුරාදා පෙ.ව 9 - ප.ව 7.30 AEST/AEDT
PANDA හි ජාතික උපකාර අංකය භාෂා ගණනාවකින් පවතියි, ඔබේ භාෂාව ද ඇතුළුව.
ඔබ PANDA උපකාර අංකයට කතා කරන විට “1” වරණය තේරීම මගින් ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය බව අපට දැන්විය හැකිය.
අපගේ උපදේශකයෙකු ලැබෙන තුරු ඔබට දුරකථනයේ රැඳී සිටිමට සිදු වීම හෝ පණිවුඩයක් තබන ලෙසට පටිගත කරන ලද පණිවුඩයක් ඇසීම සිදු වනු ඇත.
ඔබේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් විට සිදු වන්නේ කුමක්ද:
ඔබේ දුරකථන ඇමතුමට ඉංග්‍රීසියෙන් කතා කරන උපදේශකයෙකු පිළිතුරු දෙනු ඇත. ඔබ වඩාත් කැමති භාෂාව දැන ගැනීමට අපට අවශ්‍යය - ඔබට ඉංග්‍රීසියෙන් කතා කිරීමට සිදු නොවන අතර ඔබ උපදේශකයාට පැවසිය යුතු වන්නේ ඔබ කැමති භාෂාව පමණි.
PANDA විසින් භාෂණ පරිවර්තකයෙකු සංවිධානය කරන අතර, භාෂණ පරිවර්තකයෙකු සොයා ගත් විට ඔබට උපකාර කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ.
භාෂණ පරිවර්තකයෙකු නොමැති නම් අපි ඔබට ආපසු දුරකථන ඇමතුමක් ලබා දෙන්නෙමු.
පණිවුඩයක් තැබිය හැක්කේ කෙසේද:
පෝලිමේ ඔබේ ස්ථානය රඳවා තබා ගැනීමට පණිවුඩයක් තැබිය හැකිය. ඔබට නැවත කතා කිරීමට අවශ්‍ය නොවන අතර අපගේ උපදේශකයෙකු ඔබට දුරකථන ඇමතුවක් ලබා දෙනු ඇත.
ඔබේ නම, දුරකථන අංකය, ප්‍රාන්තය හා භාෂාව දන්වන්න. අපි භාෂණ පරිවර්තකයෙකු සමග ඔබට ආපසු දුරකථන ඇමතුමක් ලබා දෙන්නෙමු.
ඔබට කඩිනම් උපකාර අවශ්‍ය වේ නම්
බිංදු තුන (000) හෝ ප්‍රදේශයේ රෝහලේ හදිසි අනතුරු අංශය අමතන්න.
PANDA හි උපකාර අංකයට අමතරව වෙනත් වේලාවන් හි උදව් අවශ්‍ය වේ නම් 13 11 14 ඔස්සේ Lifeline අමතන්න.
